බ්ලොග් අඩවිය කියවලා, අදහසකුත් එකතු කරලා යන්න අමතක කරන්න එපා...

Sunday, November 7, 2010


All Rights Reserved Dhanesha Asiri © 2010

Friday, November 5, 2010

පුලුවන්නම් සොයන්න....

කොහොමද ඉතින් ටිකක් මේ දවස් වල වැඩ, මොකද මේ දවස්වල මම රුපවාහීණී අයතනයක කෙටිකාලීන පුහුනුවකට ගියපු නිසා. ඉතින් එහෙම ගියා කියලා මගේ බ්ලොග් එක පැත්තට එනන්න් අමතක කලේ නැහැ. ඉතින් මම අද මගේ විද්‍යුත් තැපෑලට ආපු ලිපි බලනකොට මගේ මිත්‍රයෙක් මට එවල තියනවා ලස්සන චිත්‍රයක්. සමහර විට ඔයාටත් එන්න ඇති චිත්‍රය කොහොමනමුත් අද මම එක ඔයගොල්ලන්ට දෙන්න හිතුවා. ටිකක් ලොකු චිත්‍රයක්. හ්ම්...... මේ චිත්‍රයේ තියෙන්නේ ලෝකය වෙනස් කල පුද්ගලයන්, ඒවගේම ප්‍රසිද්ධ පුද්ගලයන්. මටනම් 25 විතර හොයගන්න පුලුවන් බලන්න ඔයාටත් කොපමන දෙනෙක් හොයගන්න පුලුවන්ද කියලා....



ලොකුවට බලන්න පිතූරේ උඩ කිලික් කරන්න


All Rights Reserved Dhanesha Asiri © 2010

Wednesday, November 3, 2010

"අනාගතය හදන අපි" යන තේමාව යටතේ ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලය


චාරධාර්මික පුවත්පත් ජනමාධ්‍යවේදීන් බිහි කිරීම අරමුණු කර ගනිමින් 2004 දී ආරම්භ වූ ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලය මේ වන විට වසර 5 ක් ගෙවා අවසානයි. ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන්ට අපක්ෂපාතී ජාන්ත්‍යන්තර මට්ටමින් පුහුණුවක් හා දැනුමක් ලබා දෙමින් "ජනමාධ්‍ය, ඒවා ඇතුළතින් වෙනස් කිරීමට"උත්සාහ කරයි. විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය දෙකටම අදාලව ගුවන්විදුලි, රූපවාහිනී හා පුවත්පත් මාධ්‍යයන් සඳහා මෙහිදී පාඨමාලා සිදු කර ගෙන යනු ලබයි.
එහිදී ගුවන්විදුලි,රූපවාහිනී හා පුවත්පත් මාධ්‍යයන් සඳහා අවශ්‍ය සියළුම උපකරණ හා පහසුකම් ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලය සතුය. ජනමාධ්‍යවේදීන් ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කිරීමට අපේක්ෂා කරන තරුණ තරුණියන්ට මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රයට අවතීර්ණ වීමට හැකි පුහුණුවක් ජනමාධ්‍ය විද්‍යාලයේ පාඨමාලාවන් තුළින් ලබා දෙයි.




ජනමාධ්‍ය කර්මාන්තයේ නියැළී සිටින අය විසින් ම ගොඩනඟන ලද ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලය ජනමාධ්‍යවේදීන් පුහුණු කරන ප්‍රමුඛතම ආයතනයයි. පළපුරුදු ජනමාධ්‍ය පුහුණුකරුවන්ගෙන් සමන්විත ස්ථීර කථීකාචාර්ය මණ්ඩලයක් ජනමාධ්‍ය විද්‍යාලයේ සිටීම සුවිශේෂත්වයකි. ඊට අමතරව ජාතික මාධ්‍ය ආයතනවල පුර්ණ කාලීනව කටයුතු කරන ජනමාධ්‍යවේදීහුද දේශන සදහා පැමිණෙති. ජනමාධ්‍ය කර්මාන්තයේ නියැළී සිටින අයගේ උපදේශකත්වය යටතේ විෂය මාලාව සකස් කෙරෙන අතර එය ස්වීඩනයේ කල්මාර් විශ්ව විද්‍යාලය අධීක්ෂණය කරයි. සෑම ශිෂ්‍යයෙකුම ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ආයතනයක ප්‍රායෝගික පුහුණුව සඳහා යැවෙන අතර එම කටයුතු අදාල ජනමාධ්‍ය ආයතනයේ විධායක නිලධාරියෙකුගේ අධීක්ෂණයට ලක් වේ. ජනමාධ්‍යවේදීන් සදහා වු ආචාරධර්ම අධ්‍යයනයට විෂය මාලාවේදි ප්‍රමුකත්වය ලබා දේ. ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය කටයුතු සඳහා අවශ්‍ය වන පරිගනක දැනුම සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ භාවිතාවන පරිගනක මෘදුකාංග පිළිබඳව පුහුණුව ලබාදීමද පාඨමාලාවේ විෂය මාලාවට අයත් වේ. ශ්‍රී ලංකාවේ පුවත්පත් ආයතන වල,රූපවාහිනී සහ ගුවන්විදුලි ආයතන වල භාවිතා කරන පරිගනක මෘදුකාංග හා වෙනත් උපකරණ ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලය සතුව පවතී.

දැන් ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලය 2011 සඳහා අයදුම් පත් බාරගනී, ඔබටත් ලංකාවේ විශිෂ්ඨ ජනමාධ්‍යවේදියකු වීමට නම් ඔබත් දැන්ම අප හා එක්වන්න. දැන්ම අමතන්න.

වැඩි විස්තර මෙම සබැඳියෙන් :
http://slcj.lk/announce_ditails.php?ann_id=173
දුරකථන:. 011-5353635






All Rights Reserved Dhanesha Asiri © 2010

Tuesday, November 2, 2010

අපි සැවොම ඒක්වී රිසානා බේරා ගනිමු


අප රටට වැඩිම විදේශ විනිමයක් ලැබෙන්නේ පිටරට රැකියා සදහා යන ගෘහ සේවක සේවිකාවන් ගෙනි. එම නිසා අප සැවොමම ඔවුන්ට සදා ණයගැතී. රිසානා තෆීක් තරුණියට අවුරුදු 22. ඇයට සවුදි අධිකරණයෙන් මරණ දඩුවමට නියමව සිටී. ඇය ඉතාමත් දිලිඳු පවුලක උපන් තරුණියක වීමේ පල විපාකයකි ඇයට මේ අත්වීතිබෙන්නේ.











රිසානාගේ පවුල සහ ඔවුන් ජීවත්වන්නාවූ නිවස

මරණ දඩුවම කුමන ආකාරයකටවත් ශිෂ්ට සමිපන්න සමාජයකට ගැළපෙන්නක් නොවේ. එමගින් මුලික මානව අයිතිවාසිකමක් වු ජිවිතයට ඇති අයිතිය උල්ලංඝනය කරයි. මරණ දඩුවම නිසා මෙතෙක් බරපතල අපරාධ අඩු කිරිමට හේතු වු බව පෙන්නුමි කරන කිසිදු සාකිෂියක් එය ක්‍රියාත්මක කරන කිසිදු රටකින් වාර්තා වි නැත.
මානව හිමිකමි උල්ලංඝනයන්ට ජාති කුල ආගමි භේද නැත. දේශ සිමාවන්ද නැත. අද දවසේ රිසානා හෙට දවසේ ඔබ හෝ මා වියහැකියි. එබැවින් සිදුවන්නට යන මරණ දඩුවම නැමති බරපතල මානව හිමිකමි උල්ලංඝනය මෙන්ම අශිෂ්ට අපරාධය මුලු ලොවින්ම තුරන් කොට දැමිමට අවශ්‍ය පළමු පියවර ලෙස මුලු ලෝකයාත් ඔබත් මමත් මුත්තුර් ජනතාවට හැකි අනදමින් සහය පළකළ යුතුව ඇත.

All Rights Reserved Dhanesha Asiri © 2010

බඹර වළල්ල: ශ්‍රී ලාංකීය සිනමාවේ වයිටි ටයිගර්








බඹර වළල්ල චිත්‍රපටිය අපේ සමාජයේ යථාර්ථයයි පැවසිම අසත්‍යයක් නොවේ. නමුත් එය මේ රටේ මානව හිමිකමි හෝ නීතියේ ආධිපත්‍යය බිදවැටි ඇතැයි පිළිගන්නට අකමැති ඒවා සැගවිමට දත කන පුද්ගලයින්ගේ වෛරයට හෝ මර්ධනයට ලක්විමකි. මේ චිත්‍රපටය අපේ රටේ පවතින නීතිය නොමැතිකම, අරාජිකත්වය මැනවින් නීරුපනය කරයි.

පොඩි එකා සිරගෙදරින් නිදහස්ව ගෙදර එනවිට සිය මහලු මව මානසික රෝගියෙකි. බුදුන්ගේ දේශයයි කියා බෝඩි අලවන පන්සල් පල්ලි දේවාල දකින වාරයක් වාරයක් පාසා වැද නමස්කාර කරන ජනතාව මානසික රෝගින්ට සලකන්නේ කෙසේද?

ගොනමඩිත්තේ පොඩි එකා ප්‍රථමයෙන් අපරාධ වින්දිතයෙකි. නීතිය තමාට පිහිට නොවන බව ඔහු දැන ගනියි. රටේ වැඩිහරියක් තියෙන්නේ අපරාධකරුවන් ආරක්ෂා කරන නීති බව දැන ගැනිමට පොඩි එකාට නීති ඉගෙන ගැනිමටම ඔනෑකමක් නැත. යුක්තියේ දෙවගන ස්ත්‍රී දුෂණයකට දඩුවමි කිරිමට වසර 5ක් හෝ 6ක පමණ කාලයක් ගන්නා බවද ඔහුට අමුතුවෙන් කියාදිය යුතු නැත. නිතිඥයින්ද කල දුටු තැන වල ඉහින පිරිසක් බව ඔහු අසා ඇත. ප්‍රතිඵලය පොඩි එකා නීතිය අතට ගැනිමයි. තම වැඩිමහල් සහෝදරියව දුෂණය කළ බාප්පොචිඡා පොඩි එකා අතින් මැරුමිකයි.

පොඩි එකා සිරගෙදරින් නිදහස්ව ගෙදර එනවිට සිය මහලු මව මානසික රෝගියෙකි. බුදුන්ගේ දේශයයි කියා බෝඩි අලවන පන්සල් පල්ලි දේවාල දකින වාරයක් වාරයක් පාසා වැද නමස්කාර කරන ජනතාව මානසික රෝගින්ට සලකන්නේ කෙසේද? පිස්සා කියන වචනය තවදුරටත් සාරධර්ම ගරු කරන බව කියා ගන්නා සමාජයකට කොතරමි දුරට ගැළපේද?

ආදරය කෙසේවෙතත් විවාහය තීරණය වන්නේ කුලය, ධනය හා බලය මතය. පොඩි එකා තමා හරක් බලා ගන්නා ගෙදර තරුණියට පෙමි කරයි. ඇය ඔහුව ඉතා නින්දිත ආකාරයට ප්‍රතික්ෂේප කරන්නිය. තත්වය දුරදිග ගොස් පොඩි එකා මාරාන්තික තුවාල ලබයි.

තමා වල දාන්නේ මළ මිනිසුන් පමණයි යනුවෙන් කියා ගන්නා මැල් නමි මිනිසා පොඩි එකාගේ රැකවරණයට පැමිණේ. මැල් ස්වාමියා තම පැවැත්ම සදහා ආයුධය කර ගන්නේ පොඩි එකාවයි.

මා අතට වයිටි ටයිගර් කෘතිය කියවිමට ලැබි මාස හයක් හෝ හතක් පමණ වේ. එය මට කියවන්නට කිවේ මගේ පියාය. ඔහුට ඒ පිළිබදව දැන ගැනිමට ලැබි ඇත්තේ ප්‍රවින මානව හිමිකමි ක්‍රියාකාරිකයකු ගෙනි. වයිටි ටයිගර් හි ප්‍රධාන චරිතය තම බෝස්ව මරා පොහොසත් වේ. අවසානයේ පොඩි එකාද මැල් මෙන් මිනි පෙටිටි බිස්නස් එක පටන් ගනි. මේ ඉක්මනින් පොහොසත්විමේ තවමත් අපේ සමාජයේ ඇතමි අපේ අය අනුගමනය කරන ක්‍රමවේදයයි.


මෙම ලිපිය උපුටා ගන්නා ලද්දකි.

ලිපියෙහි පූර්ණ අයිතිය: හර්ෂි සි. පෙරේරා

http://www.janasansadaya.org/si-page.php?id=299&lang=si&type=ar

All Rights Reserved Dhanesha Asiri © 2010

Related Posts Plugin for WordPress, Blogger...