
Friday, November 5, 2010
පුලුවන්නම් සොයන්න....
Wednesday, November 3, 2010
"අනාගතය හදන අපි" යන තේමාව යටතේ ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලය

එහිදී ගුවන්විදුලි,රූපවාහිනී හා පුවත්පත් මාධ්‍යයන් සඳහා අවශ්‍ය සියළුම උපකරණ හා පහසුකම් ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලය සතුය. ජනමාධ්‍යවේදීන් ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කිරීමට අපේක්ෂා කරන තරුණ තරුණියන්ට මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රයට අවතීර්ණ වීමට හැකි පුහුණුවක් ජනමාධ්‍ය විද්‍යාලයේ පාඨමාලාවන් තුළින් ලබා දෙයි.


ජනමාධ්‍ය කර්මාන්තයේ නියැළී සිටින අය විසින් ම ගොඩනඟන ලද ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලය ජනමාධ්‍යවේදීන් පුහුණු කරන ප්‍රමුඛතම ආයතනයයි. පළපුරුදු ජනමාධ්‍ය පුහුණුකරුවන්ගෙන් සමන්විත ස්ථීර කථීකාචාර්ය මණ්ඩලයක් ජනමාධ්‍ය විද්‍යාලයේ සිටීම සුවිශේෂත්වයකි. ඊට අමතරව ජාතික මාධ්‍ය ආයතනවල පුර්ණ කාලීනව කටයුතු කරන ජනමාධ්‍යවේදීහුද දේශන සදහා පැමිණෙති. ජනමාධ්‍ය කර්මාන්තයේ නියැළී සිටින අයගේ උපදේශකත්වය යටතේ විෂය මාලාව සකස් කෙරෙන අතර එය ස්වීඩනයේ කල්මාර් විශ්ව විද්‍යාලය අධීක්ෂණය කරයි. සෑම ශිෂ්‍යයෙකුම ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ආයතනයක ප්‍රායෝගික පුහුණුව සඳහා යැවෙන අතර එම කටයුතු අදාල ජනමාධ්‍ය ආයතනයේ විධායක නිලධාරියෙකුගේ අධීක්ෂණයට ලක් වේ. ජනමාධ්‍යවේදීන් සදහා වු ආචාරධර්ම අධ්‍යයනයට විෂය මාලාවේදි ප්‍රමුකත්වය ලබා දේ. ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය කටයුතු සඳහා අවශ්‍ය වන පරිගනක දැනුම සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ භාවිතාවන පරිගනක මෘදුකාංග පිළිබඳව පුහුණුව ලබාදීමද පාඨමාලාවේ විෂය මාලාවට අයත් වේ. ශ්‍රී ලංකාවේ පුවත්පත් ආයතන වල,රූපවාහිනී සහ ගුවන්විදුලි ආයතන වල භාවිතා කරන පරිගනක මෘදුකාංග හා වෙනත් උපකරණ ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලය සතුව පවතී.
දැන් ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලය 2011 සඳහා අයදුම් පත් බාරගනී, ඔබටත් ලංකාවේ විශිෂ්ඨ ජනමාධ්‍යවේදියකු වීමට නම් ඔබත් දැන්ම අප හා එක්වන්න. දැන්ම අමතන්න.
http://slcj.lk/announce_ditails.php?ann_id=173
දුරකථන:. 011-5353635
All Rights Reserved Dhanesha Asiri © 2010
Tuesday, November 2, 2010
අපි සැවොම ඒක්වී රිසානා බේරා ගනිමු

බඹර වළල්ල: ශ්‍රී ලාංකීය සිනමාවේ වයිටි ටයිගර්

බඹර වළල්ල චිත්‍රපටිය අපේ සමාජයේ යථාර්ථයයි පැවසිම අසත්‍යයක් නොවේ. නමුත් එය මේ රටේ මානව හිමිකමි හෝ නීතියේ ආධිපත්‍යය බිදවැටි ඇතැයි පිළිගන්නට අකමැති ඒවා සැගවිමට දත කන පුද්ගලයින්ගේ වෛරයට හෝ මර්ධනයට ලක්විමකි. මේ චිත්‍රපටය අපේ රටේ පවතින නීතිය නොමැතිකම, අරාජිකත්වය මැනවින් නීරුපනය කරයි.
පොඩි එකා සිරගෙදරින් නිදහස්ව ගෙදර එනවිට සිය මහලු මව මානසික රෝගියෙකි. බුදුන්ගේ දේශයයි කියා බෝඩි අලවන පන්සල් පල්ලි දේවාල දකින වාරයක් වාරයක් පාසා වැද නමස්කාර කරන ජනතාව මානසික රෝගින්ට සලකන්නේ කෙසේද?
ගොනමඩිත්තේ පොඩි එකා ප්‍රථමයෙන් අපරාධ වින්දිතයෙකි. නීතිය තමාට පිහිට නොවන බව ඔහු දැන ගනියි. රටේ වැඩිහරියක් තියෙන්නේ අපරාධකරුවන් ආරක්ෂා කරන නීති බව දැන ගැනිමට පොඩි එකාට නීති ඉගෙන ගැනිමටම ඔනෑකමක් නැත. යුක්තියේ දෙවගන ස්ත්‍රී දුෂණයකට දඩුවමි කිරිමට වසර 5ක් හෝ 6ක පමණ කාලයක් ගන්නා බවද ඔහුට අමුතුවෙන් කියාදිය යුතු නැත. නිතිඥයින්ද කල දුටු තැන වල ඉහින පිරිසක් බව ඔහු අසා ඇත. ප්‍රතිඵලය පොඩි එකා නීතිය අතට ගැනිමයි. තම වැඩිමහල් සහෝදරියව දුෂණය කළ බාප්පොචිඡා පොඩි එකා අතින් මැරුමිකයි.
පොඩි එකා සිරගෙදරින් නිදහස්ව ගෙදර එනවිට සිය මහලු මව මානසික රෝගියෙකි. බුදුන්ගේ දේශයයි කියා බෝඩි අලවන පන්සල් පල්ලි දේවාල දකින වාරයක් වාරයක් පාසා වැද නමස්කාර කරන ජනතාව මානසික රෝගින්ට සලකන්නේ කෙසේද? පිස්සා කියන වචනය තවදුරටත් සාරධර්ම ගරු කරන බව කියා ගන්නා සමාජයකට කොතරමි දුරට ගැළපේද?
ආදරය කෙසේවෙතත් විවාහය තීරණය වන්නේ කුලය, ධනය හා බලය මතය. පොඩි එකා තමා හරක් බලා ගන්නා ගෙදර තරුණියට පෙමි කරයි. ඇය ඔහුව ඉතා නින්දිත ආකාරයට ප්‍රතික්ෂේප කරන්නිය. තත්වය දුරදිග ගොස් පොඩි එකා මාරාන්තික තුවාල ලබයි.
තමා වල දාන්නේ මළ මිනිසුන් පමණයි යනුවෙන් කියා ගන්නා මැල් නමි මිනිසා පොඩි එකාගේ රැකවරණයට පැමිණේ. මැල් ස්වාමියා තම පැවැත්ම සදහා ආයුධය කර ගන්නේ පොඩි එකාවයි.
මා අතට වයිටි ටයිගර් කෘතිය කියවිමට ලැබි මාස හයක් හෝ හතක් පමණ වේ. එය මට කියවන්නට කිවේ මගේ පියාය. ඔහුට ඒ පිළිබදව දැන ගැනිමට ලැබි ඇත්තේ ප්‍රවින මානව හිමිකමි ක්‍රියාකාරිකයකු ගෙනි. වයිටි ටයිගර් හි ප්‍රධාන චරිතය තම බෝස්ව මරා පොහොසත් වේ. අවසානයේ පොඩි එකාද මැල් මෙන් මිනි පෙටිටි බිස්නස් එක පටන් ගනි. මේ ඉක්මනින් පොහොසත්විමේ තවමත් අපේ සමාජයේ ඇතමි අපේ අය අනුගමනය කරන ක්‍රමවේදයයි.
මෙම ලිපිය උපුටා ගන්නා ලද්දකි.
ලිපියෙහි පූර්ණ අයිතිය: හර්ෂි සි. පෙරේරා
http://www.janasansadaya.org/si-page.php?id=299&lang=si&type=ar
All Rights Reserved Dhanesha Asiri © 2010
Tuesday, October 26, 2010
ජීවිතයට එකතු කර ගැනීම හෙවත් අලූතින් පටන්ගැනීම්

නමුත් ජීවිතය එතනින් නවතින්නේ නෑ. නතර කරන්නත් බෑ. අපි ලොකු වෙලා එකතුකරන්න ගත්තේ පුංචි කාලේ එකතු කරපු දේවල් වලට වඩා වෙනස් දේවල් කියලා වෙලාවකට මට හිතෙනවා. මේ දේවල් එකතු නොකර පුංචි කාලේ වගේ සිප්පි කටු සමනල තටු එකතු කර කර උන්නානම් ජීවිතයේ මේ දුක නෑ කියලා එහෙම හිතෙන දවසක් තියෙනවා. ඇත්තටම ඇයි ජීවිතයේ දුක සතුට... කළකිරීම... පසුතැවිල්ල... සැනසීම අපි එකතු කරන දේවල් උඩ රැුඳිලා තියෙන්නේ. එහෙම වෙන්න හේතුවක් තියෙනවා. ඒ අපේ ජීවිතය ගතකරන්න හිතෙන්නේ අපි එකතු කරන දේවල් එක්ක නිසා. අපේ ජීවිතය බලාපොරොත්තු , අරමුණු හැමදෙයක්ම රැුඳෙන්නේ උපදින්නේ ඒ අපි එකතු කරන දේවල් නිසා.
හැමෝම එකතු කරන්න හදන්නේ වටිනා කියන දේවල්. ප‍්‍රශ්ණෙ තියෙන්නේ මොනවද වටින්නේ කියන එකයි. වටින්නේ මොනවද? නොවටින්නේ මොනවද? කියලා තීරණයක් ගන්න ඕනා. ඒ දේවල් ජීවිතයට ඇති කරන බලපෑම උඩ අපි එකතු කරන්න ඕනා අපේ හදවතට ඕන කරන දේවල්. ඒත් අපි එහෙම හිතන්නේ නැහැ. පපුව උඩට ගෙනත් අපි අතාරින්නේ අපේ හදවත අකමැති දේවල්. ඒ නිසා හොදට හිතන්න. ඔයාලා ජීවිතේ නොයෙක් දේවල් එකතු කරමින් ඉන්නවා වෙන්න පුන්‍දාවන්. ඇත්ත, ජීවත් වෙන්න මේ තරඟකාරී සමාජයක භෞතික සම්පත් ටිකකුත් එකතුකරගන්න ඕනා. මං කියන්නේ ජීවිතයේ එකතු කරන්න කියන එකම දේ මේ සම්පත් ටික නෙමේ කියලා. එකතු කරන්න තියෙන එකම තැන ඉතිරි කිරීමේ ගිණුම නෙමෙයි’ ජීවිතයේ හැම සතුටක්ම සැනසීමක්ම සෙට් කාඞ් එක, ටේලර් මැෂින් එකට දාලා අපට ලබා ගන්න බෑ. ඒක හදවතින්ම තේරුම් ගන්න.
හැගීම් එකතු කරන්න. ඒ හැගීම් හිතනවාට වැඩිය මට වටිනවා. එක මොහොතක ජීවිතයේ සියල්ල අහිමි වූ නිමේෂයක මුළු ලෝකයම ඔබේ හිස මත කඩා වැටුණු මොහොතක ඔබේ හදවතට ඇතිවුණු දුුක, තනිකම, පාළුව, මේ හැම දෙයක්ම නිසා ජීවිතය ඇතිකරන බලපෑම මතක තියාගන්න ජීවිතය හැමදාම අද වගේ නෑ. ජීවිතයේ නපුරු මොහොතක ඇතිවන හැගීම් හොඳයි කියන්නේ ඇයි දන්නවද? මීට වඩා පරිස්සමෙන් කැපකිරීමෙන් ගොඩනගාගන්න ඕනා කියලා මට හිතෙන්නේ ඔබ අර දුක් වින්ද දවස් මතක් කරනකොට අතීතයේ වින්ද දුකත් වේදනාවත් මතක තියාගන්න බැරි කෙනෙකුට කවදාවත් ජීවිතයේ සැනසීමක් ලබාගන්න බෑ.
ශක්තිය එකතු කරන්න. ශක්තිය කියන්නේ ජීවිතය ජයගන්න තියෙන එකම මග. ශක්තිය හැමදාම එක වගේ නෑ. සමහර විට මොනවා හරි දුකක් අද දරාගන්න පුළුවන් වුනාට හෙට ඒක දරා ගන්න බැරි වෙනවා. වැඩකට නැති මළ ගෙදරක දවස් 7ම නිදිමරන අපි අපේ වැඩකට එක රැයක් නිදිමරන්න කැමති නෑ.
මේක තමයි අපේ ඇත්ත කතාව. හැම දේකටම කලින් ඔබේ ජීවිතයට අසීමිතව ආදරය කරන්න. එතකොට තමයි ඒ ජීවිතය ගොඩ නගන්න ශක්තිය මතුවෙන්නේ. ශක්තිය තියෙන්නේ හැඟීම් වලින් අරමුණු වලින් ආවේශ ගන්වපු පුදුමාකාර සිතුවිල්ලකට. ඇයි ඛඔඔෑ සාමාජිකයො තමන්ගේ බඬේ බෝම්බ බැඳගෙන සියදිවි හානිකරගත්තේ. එහෙම වුනේ එයාලගේ නායකයා වුන ප‍්‍රභාකරන් ජාතිය ගැන ලොකු ආදරයක් එයාලගේ හදවත තුළ ඇති කරල තිබුන නිසා. ඒ ආදරය කොයිතරම් ප‍්‍රබල විදිහට දෙමළ කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ පපුුුුවල ඇතිකරල තියෙනවද කිව්වොත් තමුන් නැති ලෝකයක් වෙනුවෙන් තමාට අහිමි අනාගතයක් වෙනුවෙන් ඒ කොල්ලො කෙල්ලො බෝම්බ පපුරුවාගෙන මැරෙනවා. ඒ මිනිස්සු එහෙම හිතන කාලෙක අපේ අනාගතය වෙනුවෙන් ඇයි අපිට බැරි පොඩි කැපකිරීමක් කරන්න.
යහපත්කම, මනුස්සකම හරි සුවඳයි කියලා හිතන්න ජීවිතයේ මතුපිට තියෙන ගොඩක් ලටපට වලට වඩා යහපත් හදවතක අහිංසකකම වටිනවා. හැම දෙයක්ම එකතු කරගෙන එකතු කරගෙන යද්දි සමහර දේවල් ඉබේටම ඈත් වේගෙන යනවා. එහෙම වෙන්නත් දෙන්නත් එපා. ජිවිතයේ තියෙන දේවල් නැතිකරගෙන අළුතින් දේවල් එකතුකරගෙන වැඩක් නෑ.
ඒ නිසා හොඳට හිතන්න. ඔබට ආදරය කරන පූස් පැටියෙකුටවත් ඔබෙන් ඈතට යන්න දෙන්න එපා. අපේ ජීවිතවල සතුටත් දුකත් අපිට අයිති දෙයක්. අපි එකතු කරන්නේ මොනවද කියලා ඔබම හිතලා බලන්න. හොඳ දේවල් ජීවිතයට එකතු කරගෙන හොඳින් ජීවත් වෙන්න බලන්න. එය ඔබට කළ හැකියි. උත්සහා කරන්න.
.....
All Rights Reserved Dhanesha Asiri © 2010
Wednesday, October 20, 2010
Sunday, October 17, 2010
ලෝක ජනමාධ්‍ය ඡායාරූප සම්මානය දිනු ප්‍රථම ඡායාරූප ශිල්පිනී



Thursday, October 14, 2010
ජාතියක විනිශ්චය......

මහ පොළොවට පැමිණි පසු...
සමහරුන් සතුටින් පිනා ගොස්ය. සමහරුන් චිලියෙහි ධජය ඔසවාගෙනය. සමහරුන් තම හිතවතුන් වැළඳගෙන සිටින විට තවත් අයෙක් බිම දණගසාගෙන දෙවියන් යදින්නේය. ඉන්පසු මේ සියලු දෙනාම රෝහල් කරා රැගෙන යාමට බලධාරීහු පියවර ගත්හ. මේ සෑම දේම සිදුවූයේ චිලියෙහි පතල් කම්කරුවන් මෙතෙක් ඔවුන් සිරවී සිටි අඳුරු “සෑන්ජෝස්” පතලෙන් මාස දෙකකටත් වැඩි කාලයක් සිරවී සිට, පසුව මේ පොළොවෙහි උණුසුම විඳීමට පින් කර ඇති බව ඔවුන්ටම පසක් වී ගොස් තබූ නිසාය.
පතලෙන් එළියට පැමිණි ප්‍රථම පතල්කරුවා වන Antonio Avalos ට තම දෑස් අදහා ගත නොහැකිව සතුටු කඳුළු වගුරන්නට පටන් ගති. සැබැවින්ම මෙය මානවයාගේ තවත් මහා පිම්මක් ලෙස නම් කළ හැකිය. එතරම් මෙය ආශ්චර්යමත්ය. එනිසාම පොළෝ කුහරයෙන් පැමිණි මෙම මිනිසා තම කුඩා පුතු හා ආදරණීය බිරිඳ වැළඳගත්තේ සතුටේ හිනි පෙත්තටම ගොස් තිබියදීය.
මේ ආකාරයෙන් චිලියෙහි පතල් කම්කරුවන් 33 දෙනාම නිරුපද්‍රිතව පොළොව මතුපිටට පැමිණීමට සමත් විය.තවද මෙම ආශ්චර්යමත් අවස්ථාවට එරට ජනාධිපති Sebastian Pinera පැමිණ සිටීම කම්කරුවන්ගේ සතුට දෙගුණ තෙගුණ කිරීමට සමත් විය.
සැබැවින්ම මෙම අවස්ථාව ලෝක ඉතිහාස පොතේ රන් අකුරින්ම ලිය විය යුතුය. තවද මෙම කම්කරුවන් බේරා ගැනීමට යොදාගත් ෆීනික්ස් ටැබ්ලට් උපකරණයට හා නිර්මාතෘටත් මෙහිදී ලෝකවාසී සියලුම ජනතාවගේ කෘතඥතාවය ලැබිය යුතුය. අවසාන වශයෙන් පැවසිය යුත්තේ මෙවැනිවූ විපත් ලොව කවර තැනකදීවත් සිදු නොවේවා !!! යනුවෙනුයි.
ඡායාරූප සඳහා මූලාශ්‍ර
බොස්ටන් වෙබ් අඩවිය , සී.එන්.එන් වෙබ් අඩවිය ,
All Rights Reserved Dhanesha Asiri © 2010
Tuesday, October 12, 2010
අප කවුරුත් දන්නා ඩ්‍රැගන් ෆෘට්


Monday, October 11, 2010
