
ලෝක ජනමාධ්‍ය ඡායාරූප සම්මානය දිනු ප්‍රථම ඡායාරූප ශිල්පිනීය බවට පත්වන්නේ
Francoise Demulderය 1976 දීය. ලෙබනනයේදී මුහුනු ආවරණය කරගත් සොල්දාදුවන් ඉදිරියේ දැත් ඔසවාගත් පලස්තීන කාන්තාවක් විදහා දැක්වෙන මේ ඡායාරූපය සඳහාDemulder ට සම්මානය හිමිවිය.එය ලෝක ඉතිහාසයේ නොමැකෙන සිහිවටනයකි. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයයි.

1977 දී වියට්නාම් යුද්ධය වාරතා කිරීමට ගිය Demulder නොබියව සටන් පෙරමුණට ගොස් ඇයට අදාල සියලුම ඡායාරූප ගතකිරීම සිදුකලේ ඇමරිකනු හමුදා බටයන්ද විමතියට පත් කරමින්. එම වර්තාකරනයේදී ඇය රෝගාතූරව සිටියාය. කෙතරම් රෝගාතූරව සිටියත් ඇයගේ ජනමාධ්‍ය ඡායාරූප දිවියට හානියක් සිදු නොකර තමාගේ යුධවාර්තාකරණයද මනාව සිදුකලේය. මිතුරන් ඇයව හඳුන්වනු ලැබුවේ "Fifi" යනුවෙනි.

තරුණ කල ගත් ඡායාරූපයක් හා ඇය මිය යාමට පෙර ගත් ඡායාරූපයක්
ඇයගේ දිගුකාලීන මිතුරියක් වන Genevie Lamouroux පසන පරිදී ඇය මිය ගොස් ඇත්තේ හෘදයාබාධයකින්ය. 2003 දී පිලිකාවකින් ඔත්පල වූ ඇයට ඡායාරූප විකුනා යුරෝ 171,000ක් ඉපැයීම ඇගේ මිතුරන්ට හැකිවිය.
All Rights Reserved Dhanesha Asiri © 2010
No comments:
Post a Comment