
මේ වනකොට ඩ්‍රැගන් ෆෘට් කියන ආගන්තුක පලතුර අප රටේ සීග්‍ර ලෙස මේදින වල ජනප්‍රිය වී තිබෙනවා. නමුත් පතොක් කුලයට (Cactaceae) අයත් මේ ශාකය අප රටට හඳුන්වාදී කාලයක් ගතවුවත් එහි බහුලව වගා කිරීමක් හෝ වේළඳ පොල අලවියේ වර්ධනය පෙන්නුම් කරනේ ඉතා මඳ වශයෙනි, ඊට ආසන්නතම හේතුව විය හැක්කේ ඒහි රසය සහ ගුන හරි හැටි නොදන්නා කම වියහැක. මේම ඩ්‍රැගන් ෆෘට් ශාකය පතොක් කුලයට අයත් වන්නකි. මේම ශාකය පිතායා (Pitaya) යන නමින් සහ ස්ටෝබේරී පෙයාස් යන නම්වලින්ද හඳුන්වනු ලබයි. මේම ශාකයේ හටගන්නා ඵලයෙහි ඇති ආවේනික ගුණය වන්නේ තවමත් සොයානොගන්නා ලද එම ඵලයටම ආවේණික රසයයි.
මෙම ශාකයේ ඵලයෙහි ඇති පිටත පොත්ත රෝස පැහයකින් යුක්තයි. තවත් පිටත පොත්ත සුදු පැහයකින් යුක්ත වන් ඵලයකුත් තිබෙනවා. අප රට වැනි ආසියාතික රටවල් වැඩියේන් වගා කරනේ මෙම රෝස පැහයකින් යුක්ත වන ඩ්‍රැගන් ෆෘට් ශාකයයි. මෙම ඵලයෙහි සාපේක්ෂව අපද්‍රව්‍යලෙස ඉවතලන දෑ බෙහවින් අඩුයි, ඇත්තෙන්ම එම ඵලයෙහි පොත්ත කොටස පමනක් ඉවත දමයි. ඉතිරි සියල්ලම ආහාරයට ගනු ලබයි.

මෙමෙ ශාකයට අවම වර්ෂාපතනය ඝර්ම කලාපීය දේශගුණික තත්වයක් යටතේ මිලිලීටර 500 - 1250 අතර ප්‍රමානයක තිබියයුය. එමන්ම මෙම ශාකය වැලි බහුල ප්‍රදේශයේ සරුවට වැඩේ. එම නිසා අප වැනි ඝර්ම කලාපීය රටක මෙම ශාක හොන්ඳින් වගා කලහැකිය. එමන්ම මෙහි සරු අස්වැන්නක් ලබා ගැනීමටනම් මේහි කප්පාදු ක්‍රම සහ නිසි කලට පොහොර යේදීම සිදුකල යුතුය. නිසිලෙස මෙමවගාව කලහොත් ඉතාමත් හොඳ අදායමක් ලබාගත හැක. අද වනවිට මේ ඩ්‍රැගන් ෆෘට් කිලෝවක මිල විදේශීය වෙළඳපොල තුල රුපියල් 300 - 500 අතර ප්‍රමනයක් වේ. ඊට අමතරව දේශීය මෙන්ම විදේශීයවද මේ ඩ්‍රැගන් ෆෘට් පලතුරට හොඳ වේළඳ පොලක් ඇත. මේ වේන අප වෙළඳපොල තුල ගෙඩියක මිල රුපියල් 60- 150 ත් අතර වේ. ඒහි දුර්ලභ බව හේතුවෙන් විටක රුපියල් 500 ද අලවී වූ අවස්ට්ථාවන් නැතුවාම නොවේ..
ඉතින් මේවන් වටිනාකමකින් යුක්තවූ පලතුරක් අප නොසලකා හරින්නේ ඇයි. මේය අපේ රටේ ආර්තිකය සවිමත් කිරීමට හැකි වටිනාබෝගයකි. ඉතින් මඳක් සිතන්න.....
All Rights Reserved Dhanesha Asiri © 2010
No comments:
Post a Comment