බ්ලොග් අඩවිය කියවලා, අදහසකුත් එකතු කරලා යන්න අමතක කරන්න එපා...

Tuesday, October 26, 2010

ජීවිතයට එකතු කර ගැනීම හෙවත් අලූතින් පටන්ගැනීම්

ජීවත කාලය පුරාම අපි එක එක දේ එකතු කරනව. හරිම ලෝබකමකින් ආශාවකින් අපි ඒ දේවල් එකතු කරන්නේ තේරුමක් නැතිව නෙමෙයි. ජීවිතය කියන්නේ අපි එකතු කරපු දේවල් එක්ක ජීවත් වෙන දෙයක් කියලා මතක් කරන්න. පුංචි කාලේ පේර ගස් වටේ නැත්තම් ගේ පිටිපස්සට වෙලා අපි එකතු කළේ මොනවද? සමහරවිට පුංචි ටොෆි කොල වෙන්න ඇති’ මං හරි ආසයි කොළ බෝනික්කො එකතු කරන්න. ඒත් මගේ තාත්තට මට බෝනික්කො අරන් දෙන්න සල්ලි තිබුනේ නෑ. එත් මගේ ලග බෝනික්කො හිටියා. අම්මා චූටි චටි රෙදි කෑලි එකතු කරලා මට බෝනික්කො රොත්තක්ම මහලා දුන්නා. මං ඒ බෝනික්කන්ට පැලෙන්න ආදරය කලා. මගේ යාළුවෙක් හිටියා එයා හරි ආසයි කුරුළු පිහාටු එකතු කරන්න.

නමුත් ජීවිතය එතනින් නවතින්නේ නෑ. නතර කරන්නත් බෑ. අපි ලොකු වෙලා එකතුකරන්න ගත්තේ පුංචි කාලේ එකතු කරපු දේවල් වලට වඩා වෙනස් දේවල් කියලා වෙලාවකට මට හිතෙනවා. මේ දේවල් එකතු නොකර පුංචි කාලේ වගේ සිප්පි කටු සමනල තටු එකතු කර කර උන්නානම් ජීවිතයේ මේ දුක නෑ කියලා එහෙම හිතෙන දවසක් තියෙනවා. ඇත්තටම ඇයි ජීවිතයේ දුක සතුට... කළකිරීම... පසුතැවිල්ල... සැනසීම අපි එකතු කරන දේවල් උඩ රැුඳිලා තියෙන්නේ. එහෙම වෙන්න හේතුවක් තියෙනවා. ඒ අපේ ජීවිතය ගතකරන්න හිතෙන්නේ අපි එකතු කරන දේවල් එක්ක නිසා. අපේ ජීවිතය බලාපොරොත්තු , අරමුණු හැමදෙයක්ම රැුඳෙන්නේ උපදින්නේ ඒ අපි එකතු කරන දේවල් නිසා.

හැමෝම එකතු කරන්න හදන්නේ වටිනා කියන දේවල්. ප‍්‍රශ්ණෙ තියෙන්නේ මොනවද වටින්නේ කියන එකයි. වටින්නේ මොනවද? නොවටින්නේ මොනවද? කියලා තීරණයක් ගන්න ඕනා. ඒ දේවල් ජීවිතයට ඇති කරන බලපෑම උඩ අපි එකතු කරන්න ඕනා අපේ හදවතට ඕන කරන දේවල්. ඒත් අපි එහෙම හිතන්නේ නැහැ. පපුව උඩට ගෙනත් අපි අතාරින්නේ අපේ හදවත අකමැති දේවල්. ඒ නිසා හොදට හිතන්න. ඔයාලා ජීවිතේ නොයෙක් දේවල් එකතු කරමින් ඉන්නවා වෙන්න පුන්‍දාවන්. ඇත්ත, ජීවත් වෙන්න මේ තරඟකාරී සමාජයක භෞතික සම්පත් ටිකකුත් එකතුකරගන්න ඕනා. මං කියන්නේ ජීවිතයේ එකතු කරන්න කියන එකම දේ මේ සම්පත් ටික නෙමේ කියලා. එකතු කරන්න තියෙන එකම තැන ඉතිරි කිරීමේ ගිණුම නෙමෙයි’ ජීවිතයේ හැම සතුටක්ම සැනසීමක්ම සෙට් කාඞ් එක, ටේලර් මැෂින් එකට දාලා අපට ලබා ගන්න බෑ. ඒක හදවතින්ම තේරුම් ගන්න.

හැගීම් එකතු කරන්න. ඒ හැගීම් හිතනවාට වැඩිය මට වටිනවා. එක මොහොතක ජීවිතයේ සියල්ල අහිමි වූ නිමේෂයක මුළු ලෝකයම ඔබේ හිස මත කඩා වැටුණු මොහොතක ඔබේ හදවතට ඇතිවුණු දුුක, තනිකම, පාළුව, මේ හැම දෙයක්ම නිසා ජීවිතය ඇතිකරන බලපෑම මතක තියාගන්න ජීවිතය හැමදාම අද වගේ නෑ. ජීවිතයේ නපුරු මොහොතක ඇතිවන හැගීම් හොඳයි කියන්නේ ඇයි දන්නවද? මීට වඩා පරිස්සමෙන් කැපකිරීමෙන් ගොඩනගාගන්න ඕනා කියලා මට හිතෙන්නේ ඔබ අර දුක් වින්ද දවස් මතක් කරනකොට අතීතයේ වින්ද දුකත් වේදනාවත් මතක තියාගන්න බැරි කෙනෙකුට කවදාවත් ජීවිතයේ සැනසීමක් ලබාගන්න බෑ.

ශක්තිය එකතු කරන්න. ශක්තිය කියන්නේ ජීවිතය ජයගන්න තියෙන එකම මග. ශක්තිය හැමදාම එක වගේ නෑ. සමහර විට මොනවා හරි දුකක් අද දරාගන්න පුළුවන් වුනාට හෙට ඒක දරා ගන්න බැරි වෙනවා. වැඩකට නැති මළ ගෙදරක දවස් 7ම නිදිමරන අපි අපේ වැඩකට එක රැයක් නිදිමරන්න කැමති නෑ.

මේක තමයි අපේ ඇත්ත කතාව. හැම දේකටම කලින් ඔබේ ජීවිතයට අසීමිතව ආදරය කරන්න. එතකොට තමයි ඒ ජීවිතය ගොඩ නගන්න ශක්තිය මතුවෙන්නේ. ශක්තිය තියෙන්නේ හැඟීම් වලින් අරමුණු වලින් ආවේශ ගන්වපු පුදුමාකාර සිතුවිල්ලකට. ඇයි ඛඔඔෑ සාමාජිකයො තමන්ගේ බඬේ බෝම්බ බැඳගෙන සියදිවි හානිකරගත්තේ. එහෙම වුනේ එයාලගේ නායකයා වුන ප‍්‍රභාකරන් ජාතිය ගැන ලොකු ආදරයක් එයාලගේ හදවත තුළ ඇති කරල තිබුන නිසා. ඒ ආදරය කොයිතරම් ප‍්‍රබල විදිහට දෙමළ කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ පපුුුුවල ඇතිකරල තියෙනවද කිව්වොත් තමුන් නැති ලෝකයක් වෙනුවෙන් තමාට අහිමි අනාගතයක් වෙනුවෙන් ඒ කොල්ලො කෙල්ලො බෝම්බ පපුරුවාගෙන මැරෙනවා. ඒ මිනිස්සු එහෙම හිතන කාලෙක අපේ අනාගතය වෙනුවෙන් ඇයි අපිට බැරි පොඩි කැපකිරීමක් කරන්න.

යහපත්කම, මනුස්සකම හරි සුවඳයි කියලා හිතන්න ජීවිතයේ මතුපිට තියෙන ගොඩක් ලටපට වලට වඩා යහපත් හදවතක අහිංසකකම වටිනවා. හැම දෙයක්ම එකතු කරගෙන එකතු කරගෙන යද්දි සමහර දේවල් ඉබේටම ඈත් වේගෙන යනවා. එහෙම වෙන්නත් දෙන්නත් එපා. ජිවිතයේ තියෙන දේවල් නැතිකරගෙන අළුතින් දේවල් එකතුකරගෙන වැඩක් නෑ.

ඒ නිසා හොඳට හිතන්න. ඔබට ආදරය කරන පූස් පැටියෙකුටවත් ඔබෙන් ඈතට යන්න දෙන්න එපා. අපේ ජීවිතවල සතුටත් දුකත් අපිට අයිති දෙයක්. අපි එකතු කරන්නේ මොනවද කියලා ඔබම හිතලා බලන්න. හොඳ දේවල් ජීවිතයට එකතු කරගෙන හොඳින් ජීවත් වෙන්න බලන්න. එය ඔබට කළ හැකියි. උත්සහා කරන්න.
.....
All Rights Reserved Dhanesha Asiri © 2010

1 comment:

Related Posts Plugin for WordPress, Blogger...